
Nedan finns texten till låten Suragana Kirilli , artist - Infaas, Devashri, Iraj med översättning
Originaltext med översättning
Infaas, Devashri, Iraj
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව…
හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
තරුකැට පරදන නුඹේ නුවන් යුග
ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව
සනසවන්න මට ඉඟි කරනා හැටි…
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ…//
නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
නුඹෙ උවනත සිප සනසාලන්නට
නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට
ආසයි මට සිතුවමක් අඳින්නට…
නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
මා ජීවිතයම නුඹ ලඟ තියාන
හිනා පොදක් වී හිදින්න මා ලඟ…
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ…//
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ…////
Låtar på olika språk
Högkvalitativa översättningar till alla språk
Hitta texterna du behöver på några sekunder